කුරුඳුගහහැතැම්මෙන් හෙරොයින් කිලෝ 3ක් සොයා ගැනේ

කුරුඳුගහහැතැම්ම ප්‍රදේශයේ ගරාජයක් අසළින් හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සොයා ගැනේ

by Staff writer 19-04-2019 | 11:10 AM
COLOMBO (News 1st) - කුරුඳුගහහැතැම්ම ප්‍රදේශයේ ගරාජයක් අසළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ කළ වැටලීමකදී එම හෙරොයින් තොගය සොයා ගත් බව ය. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. තවත් පුද්ගලයෙකුට ලබා දීමට සූදානමින් එම හෙරොයින් තොගය සඟවා තබන්නට ඇතැයි සැක පළ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.