ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු තවත් සැකකරුවෙකු CCD අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු තවත් සැකකරුවෙකු CCD අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරුණු තවත් සැකකරුවෙකු CCD අත්අඩංගුවට

කර්තෘ Staff writer

19 Apr, 2019 | 8:08 am

COLOMBO (News 1st) – ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ය.

ඔහු සමග ඊයේ මෙරටට පිටුවහල් කෙරුණු පියල් පුෂ්පකුමාර නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පියල් පුෂ්පකුමාර දෙමටගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]