ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදයි

කර්තෘ Staff writer

19 Apr, 2019 | 7:33 am

COLOMBO (News 1st) – ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ.

එය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්ති මෙහෙයන්ට සහභාගී වනු ඇති.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෙලුසෙලම් නුවර කල්වාරියේ ගොල්ගොතා කඳු මුදුනේදී කුරුසයේ දිවි පිදුවේ අද වැනි දිනක ය.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන විය.

කිතුණු බැතිමතුන් හෙට ආලෙලුයියා සෙනසුරාදා දීර්ඝ දිව්‍ය පූජා යාගයකට සහභාගී වන අතර අනිද්දා පාස්කු ඉරිදාව සමරන්නේ මහත් බැතියෙනි.

ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම සිහි කරමින් අනිද්දා දිනයේ කිතුණු බැතිමත්හු පාස්කු ඉරිදා උත්සවශ්‍රීයෙන් සමරති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]