හෙරොයින් සමග පුද්ගලයෙකු මාකොළදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සමග පුද්ගලයෙකු මාකොළදී අත්අඩංගුවට

by Staff writer 18-04-2019 | 8:18 PM
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සමග කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේදී සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු හෙරොයින් තොගය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව ය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනුණු ඔහු කැලණියේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, දෙමටගොඩ සුද්දා නමැත්තා මෙම ජාවාරම මෙහෙයවා ඇති බව ය. වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.