මංගල සමරවීර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි

by Staff writer 18-04-2019 | 10:38 PM
COLOMBO (News 1st) - මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වී තිබේ. ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ය. ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සඳහා ඉදිරියටත් අඛණ්ඩව සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එම හමුවේදී ප්‍රකාශ කර තිබේ. 1978 වසරේදී පළමුව මෙරටට පැමිණි අවස්ථාව පිළිබඳව ද එහිදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සිහිපත් කළ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ ය.