by Staff writer 18-04-2019 | 4:44 PM
COLOMBO (News 1st) - පුද්ගලයින් 10 දෙදෙනෙකුට මරු කැඳවමින් මහියංගනයේදී සිදු වූ රිය අනතුරට අදාළ බස් රථයේ රියැදුරුගේ රියැදුරු හැඳුනුම්පත අත්හිටුවා තිබේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ මාරක රිය අනතුරට වගකිව යුතු එක් පාර්ශවයක් වන එම පෞද්ගලික බස් රථයේ ධාවන කටයුතු ද මාසයකට අත්හිටුවන බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කළේ ය.