පන්නිපිටියේ මුද්‍රණාලයක ගින්නක්

පන්නිපිටියේ මුද්‍රණාලයක ගින්නක්

by Staff writer 18-04-2019 | 6:36 AM

COLOMBO (News 1st) - පන්නිපිටිය, අඹගස්හතර හන්දිය ප්‍රදේශයේ මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවාදැමීම සඳහා සේවා රථ තුනක් පිටත්කර යවා ඇති බවයි. අද අලුයම හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇත්තේ දෙහිවල ගිනි නිවීම් ඒකකයේ ද සහයෙනි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.