ඩයන් ගෝමස් ආසියා බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට

ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට

by Staff writer 18-04-2019 | 12:47 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට තේරී පත් විය.

ආසියානු බොක්සිං සම්මේලනය නිලධාරි මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණය තායිලන්තයේදී ඊයේ පැවැත් විය. එහිදී නිලධාරීන් තෝරා පත් කර ගත්තේ, රටවල් 17 ක නියෝජිතයන් 36 දෙනෙකුගේ ඡන්දයෙනි. ආසියානු බොක්සිං සම්මේලනයේ නව සභාපති ලෙස කටාර්හි යූසුෆ් අලි කාසිම් තේරී පත් විණි. එහි විධායක කමිටුවට නිලධාරීන් 10 දෙනෙක් තේරී පත් වූ අතර ඉන් 8 වැනි ස්ථානය හිමි වුයේ ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාටයි. වසර ගණනාවක සිට මෙරට බොක්සිං ක්‍රීඩාවට විශාල සේවයක් කරන ගෝමස් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වේ.