ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-04-2019 | 6:25 AM

දේශීය පුවත්

1. දින 3ක් තුළ රිය අනතුරු බිළි ගත් ජීවිත ගණන 42 දක්වා ඉහළට: අප්‍රේල් 13 වන දා උදෑසන 06 සිට ඊයේ උදෑසන 06 දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 2. එ.ජා.ප. රජයක් නිර්මාණය කිරීමේ උත්සහයක් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල: මීළඟ ජනාධිපතිවරණයට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 3. ජනපති අපේක්ෂකයා ගැන මහින්ද රාජපක්ෂගේ මතය: ස්ථීරවම ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 4. එකම පවුලේ 10ක් මහ මගට බිලි වූ මහියංගනයේ මාරක අනතුර: මහියංගනය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබේ. 5. මධුෂ්ගේ ඥාති සොයුරෙකු ඇතුළු 6ක් පිටුවහල් කෙරේ: ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූ ඔහුගේ ඥාතී සහෝදරයෙකු ඇතුළු 6 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

විදෙස් පුවත්

6. ඉන්දුනීසියාවේ ඡන්ද විමසීම ඇරඹේ: ඉන්දුනීසියා මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ ආරම්භ විය.

ක්‍රීඩා පුවත්

7. දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට: දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ.