කොළඹ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

by Staff writer 18-04-2019 | 11:35 AM

COLOMBO (News 1st) - කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමග සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාව පැවැත්වුනේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි. ඝන අපද්‍රවය කළමනාකරණය, මීතොටමුල්ල කසළ කන්ද පිළිබඳ විගණකාධිපති වාර්තාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කළ ඔවුන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්විය. කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී, රුසිරිපාල තෙන්නකෝන්,
කාලයක් තිසසේ අපි උත්සහ දරමින් සිටියා මේ නගර සභාව ඇතුලේ මේ කසළ පරිපාලනය පිළිබඳව කාරණාව විනිවිද පෙනෙන ආකාරයේ විවෘත සාකච්ජාවක් බවට පරිවර්තනය කර ගැනීම. නමුත් අපිට තාමත් හැකියාවක් ලැබිලා නැහැ. නගර සභාවේ පරිපාලනයත් එක්ක නගරාධිපතිනිය ඇතුළු විවෘත සාකච්ජාවක් කරන්න, ඕනේ අපි කල්පනා කරලා ආණ්ඩුකාරතුමාට මේ ගැන කියන්න. මේ පිළිබඳව කොමිෂන් සභාවල අවධානය යොමු කරලා. දැනට නිකුත් වෙලා තියෙන විගණකාධිපති වාර්තාව ඒවගේම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව වැනි කරුණුවලට නිර්දේශ වහාම ක්‍රියාත්මක වන ආකාරයට ප්‍රබල පියවරක් ගත යුතු තත්ත්වයකට අද අපි ඇවිල්ලා තියෙනවා. මේ නගරය ජනතාව වෙනුවෙන්.
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී, ශර්මිලා ගෝනවෙල,
විගණකාධිපතිතුමා මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් විගණන වාර්තාවක් ඉදිරිපත් කරකවා. නගර සභාව සහ සමහර නිලධාරීන්ව චුදිතයින් බවට පත් කරලා තියෙනවා. මම සභාවේ වරින් වර ප්‍රශ්න ඇහුවා. බොහොම ලැජ්ජායි කියන ලැබුණු පිළිතුරු. නිසි පිළිතුරක් ලැබුනේ නැහැ. මේවා දැනගෙන තමයි ජනතාව පැත්තේ ඉදගෙන අද ආණ්ඩුකාරතුමා හමුවුනේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අසාද් සාලි,
නාගරික මන්ත්‍රීවරුන් 4 දෙනෙක් අද ඇවිල්ලා ලොකු පැමිණිල්ලක් කෙරුවා. කුණුවල ප්‍රශ්නයක් ගෙවීම්වල ප්‍රශ්නයත් කොමසාරිස් ඉවත් කරන ප්‍රශ්නය ගැන සාකච්ජා කෙරුවා. හෙට දවසේ මේ කොමිෂන් ඒකෙන් දෙන තීන්දුව. ඒකට පස්සේ කටයුතු කරන්න තමයි අපි තීන්දු කර ගෙන ඉන්නේ. අපිට ඊට වඩා මුකුත් කරන්න බැහැ. ස්වාධීන කොමිෂන් පත් කරලා තියෙනවා නේ. එයාලාගේ පරක්කුව තමයි තියෙන්නේ අපි කරන්න තියෙන දේවල් සේරම කරලා තියෙන්නේ.