අධිවේගී මාර්ගවලින් රු. මිලියන 320 ක ආදායමක්

අධිවේගී මාර්ගවලින් දින 12 ක් තුළ රු. මිලියන 320 ක ආදායමක්

by Staff writer 18-04-2019 | 7:52 AM

COLOMBO (News 1st) - උත්සව සමයේ ගත වූ දින 12 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමක් බවයි. අදාළ කාලසීමාව තුළ වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර තිබේ. මේ වසරේ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ පසුගිය 11 වැනි දායි. එම සංඛ්‍යාව 110,000 කට අධික ප්‍රමාණයක් වනු ඇත. එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 30 කට අධිකයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කර ඇත්තේ පසුගිය 15 වැනි දායි. වාහන 45,000 කට අධික ප්‍රමාණයක් ගමන් කිරීමෙන් එදින ලබා ඇති ආදායම රුපියල් මිලියන 25 කි.