මධුෂ්ගේ ඥාති සොයුරෙකු ඇතුළු 6ක් පිටුවහල් කෙරේ

මධුෂ්ගේ ඥාති සොයුරෙකු ඇතුළු 6ක් පිටුවහල් කෙරේ

by Staff writer 17-04-2019 | 6:36 AM
COLOMBO (News 1st) : ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූ ඔහුගේ ඥාතී සහෝදරයෙකු ඇතුළු 6 දෙනෙකු අද අලුයම මෙරටට පිටුවහල් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද අලුයම 4.50ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි බවයි. මාකඳුරේ මධුෂ්ගේ ඥාතී සොහොරෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ, මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ, රූපදාස සයිමන් හේවගේ යන එලෙස මෙරටට පිටුවහල් කර තිබේ. මේ වන විට මධුෂ්ගේ ඥාතී සහෝදරයා ඇතුළු පිරිස ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. මේ අතර මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් පිරිසෙන් 21 දෙනෙකු මේ වන විට දිවයිනට පිටුවහල් කර ඇතැයි, පොලීසිය පවසයි.