by Staff writer 17-04-2019 | 1:05 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් නීතිඥයෙකු ඇතුළු තිදෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 4ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 540ක් සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
සැකකාර නීතිඥවරයා 38 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් සැකකරුවන් ද 33 සහ 38 හැවිරිදි වියේ පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.