බීමතින් රිය පැදවූ 1271 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටුවයි

බීමතින් රිය පැදවූ 1,271 දෙනෙකුගේ බලපත්‍ර අත්හිටුවයි?

by Staff writer 17-04-2019 | 8:29 AM
COLOMBO (News 1st) : උත්සව සමයේ තුළ බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 1,271 දෙනෙකුගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි. රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, පසුගිය 11 වනදා සිට ඊයේ උදෑසන දක්වා කළ වැටලීම්වලදී මෙම බීමත් රියැදුරන් හඳුනා ගත් බවයි. අදාළ කාලසීමාව තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් සම්බන්ධයෙන් ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.