by Sagarika Chathumali 17-04-2019 | 2:02 PM
COLOMBO (News 1st) : කහවත්ත, මඩලගම ප්‍රදේශයේදී දියණියක සිදුකළ පහරදීමකින් මවක (52) මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ සැකකාරිය සිය මවට සහ පියාට පොල්ලකින් පහර දී ඇති බවයි.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ මාපිය දෙපළ කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව මියගොස් තිබේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරිමට නියමිතයි.
පොලීසිය සඳහන් කළේ, පහරදීම සිදුකර ඇති කාන්තාව මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බව මේ වනවිට අනාවරණය වී ඇති බවයි.
සැකකාර කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.