ජනපති අපේක්ෂකයා ගැන මහින්ද රාජපක්ෂගේ මතය

by Staff writer 17-04-2019 | 8:23 PM
COLOMBO (News 1st) -  ස්ථීරවම ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ අද පැවති හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වෙමිනි. මෙම අවස්ථාව සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේ ය. මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඕනෑම අවස්ථාවක ආණ්ඩුව පෙරළීමට සූදානමින් සිටින බවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සියලු පක්ෂ සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් ය.