by Staff writer 17-04-2019 | 5:18 PM
COLOMBO (News 1st) - කුවෙට්හි ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙක් අද දිවයිනට පැමිණියහ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, තාවකාලික විදෙස් ගමන් බලපත්‍ර මගින් ඔවුන් දිවයිනට පැමිණ ඇති බව ය.
එලෙස පැමිණි කාන්තාවන්ගෙන් බහුතරයක් වසරකට අඩු කාලයක් කුවෙට්හි ගෘහ සේවිකාවන් ලෙස සේවය කළ තැනැත්තියන් ය.
ඒ අතරින් 5 දෙනෙකු කුවෙට්හිදී විඳීමට සිදු වූ හිරිහැර හේතුවෙන් රෝගාතූරව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් බස් ගාස්තු දීමනාවක් ලබා දී ඔවුන් සිය ගම් බිම් වෙත පිටත් කර යවා තිබේ.