by Staff writer 17-04-2019 | 9:41 PM
COLOMBO (News 1st) - මීළඟ ජනාධිපතිවරණයට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමේ උත්සහයක් ඇත්දැයි අමාත්‍යවරයාගෙන් මෙහිදී මාධ්‍යවේදීහු විමසූහ.
එවැනි උත්සහයක් නොමැති බව සඳහන් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුවේ 113 නොමැතිව රජයක් පිහිටුවීමට උත්සහ කිරීම මගින් සිදු වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට සිදු වූ දේ බව ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයාට ජාත්‍යන්තරයෙන් පවා නඩු දමා ඇති බවට මෙහිදී කිරිඇල්ල මහතා චෝදනා කළේ ය.
වත්මන් ආණ්ඩුවේ පුද්ගලයෙකුට ජාත්‍යන්තරයෙන් මෙවැනි චෝදනාවක් එල්ල වී තිබුණා නම් එවැන්නෙකුව මොහොතක්වත් ආණ්ඩුවේ තියාගැනීමට කටයුතු නොකරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය.