.webp)
මෙහි අප නොදකින මානයන් කිහිපයක් තිබිය හැකි ය.
මෙවැනි මාරාන්තික තුවාල ලැබූ පුද්ගලයෙකුට උදව් කිරීම හෝ එලෙස උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයාට නීතිමය ක්‍රියාවලියට මැදිහත්වීමට සිදුවිය හැකි ය. එසේම ඔවුන්ගේ ධනය සහ කාලය ඒ වෙනුවෙන් වැය කිරීමට ද සිදුවිය හැක. මේ නිසා අනතුරට ලක් වූ සහ මහමග තුවාල සිදුවී සිටින නාඳුනන පුද්ගලයින්ට උදව් කිරීමට මෙරට සාමජයේ සාමාජිකයින් බිය විය හැකිය. මන්ද එලෙස උදව් කළ පුද්ගලයින්ට උසාවි ක්‍රියාදාමයන්ට පවා මැදිහත්වීමට සිදුවන බැවිනි. එහෙත් මානුෂිකත්වය යන්න උසාවි ක්‍රියාදාමයට වඩා ඉහළින් පවතින්නක් විය යුතුයි. අනෙක් අතට මෙලෙස තුවාල සිදුවූ පුද්ගලයින් සමාජයට බරක් වූ පිළිලයක් වූ අපරාධකාරයින් විය හැකි ය. එවැනි අය ජීවත්වනවාට වඩා මිය යාම සුදුසු යැයි ඇතැමෙකු සිතනවා විය හැකි ය. එවැනි වටපිටාවකදී එවැන්නෙකුට උදව් කිරීමට තවත් අයෙකු ඉදිරිපත් නොවනු ඇත. පසුගිය දා ත්‍රිකුණාමලයේ සිද්ධිය පොදුවේ ගත් කල අද මහමග අනතුරුවලදී අනතුරට පත්වන පුද්ලයෙකු රෝහලකට ගෙන යාමට පවා බොහෝ අය මැලි වෙති. මෙය අභාග්‍ය සම්පන්න සාමාජ තත්ත්වයකි. මන්ද දිනෙක ඔබට හෝ මට ද මෙවන් ඉරණමක් අත්විදිමට සිදුවිය හැකි බැවිනි. ලාංකික සමාජය මෙම මානසික තත්ත්වයට පත්වීමට හේතුව කුමක් ද? මෙය සමාජ විද්‍යාඥයින් විසින් හෝ මෙරට විද්වතුන් විසින් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදුකරනු ලබන පර්යේෂණයක් හරහා වටහා ගත යුත්තකි. බොහෝ බටහිර රටවල මෙම තත්ත්වය පසුගිය දශක කිහිපය තුළ වර්ධනය විය. ඇතැම් රටවල පුද්ගලයෙකු මහමග මියගොස් සිටිය ද ඇතැමුන් එය නොදැක්කා සේ යන තත්ත්වයක් දැකිය හැකි ය. එහෙත් එම රටවල වගකිවයුතු නිලධාරියෙකුට එම රටවල සන්නිවේදනය හා තාක්ෂණය දියණු තත්ත්වයක පවතින නිසා ඉතා පහසුවෙන් හා කඩිනමින් එම ස්ථානයට ළඟා වීමේ හැකියාව පවතී. එවිට අනතුරට හෝ අපරාධයට ලක්වූ පුද්ගලයාට සහන සැලසීම පහසු කටයුත්තකි. තව ද බෙහෝ රටවල් සිවිල් සමාජය දැනුමින් සහ ආකල්පවලින් පොහොසත් වන අතර ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට උපදේශනය (Counseling) පත්ව තිබේ. උපදේශනය හරහා ආකාල්පමය සංවර්ධනයක් ඇති කිරීමට එම සමාජවල වගකිවයුත්තට හැකිව තිබේ. ශ්‍රී ලංකාවේ සාමජයට ද දැන් වහාම උපදේශනය(Counseling) අත්‍යවශ්‍ය වී ඇති බව සඳහන් කළ යුතු ය. දරුවාගේ සිට වැඩිහිටියා දක්වා උපදේශනයෙන් ආකල්ප වර්ධනය කිරීමට, වෙනස් කිරිම සහ සකස් කිරීමට කටයුතු කළ හැකි ය. පෙර පාසල, පාසල, වැඩබිම, කාර්යාලය, හමුදාව සහ පොලීසිය මෙකී සෑම ස්ථානයකම උපදේශනය තිබිය යුතු ය. උපදේශනය යනු හුදු කියමනක් පමණක් නොවන අතර එය විද්‍යාත්මක ක්රමවේදයකි. වහා ම උපදේශන මධ්‍යස්ථාන පිහිටුවා ඒවායේ සේවය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දීමට ක්‍රියාකිරීම හරහා යහපත් ආකාල්ප ඇති කොට සමාජයේ යළි වටිනාකම් හා අගනාකම් නැවත ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු කාලය උදාවී ඇත. එය නීතිරීති හරහා ඉටු කළ නොහැක්කි. https://www.youtube.com/watch?v=VD4_5A6bb5Y