අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වැසි

by Staff writer 17-04-2019 | 8:01 AM
COLOMBO (News 1st) : පවතින අධික උණුසුම් කාලගුණයේ තාවකාලික අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක මහතා සඳහන් කළේ, දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණයේ අඩුවක් අපේක්ෂා කළ හැකි බවයි. මේ අතර සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වැසි ඇතිවන විට ප්‍රබල අකුණු සහ තද සුළං ද ඇති විය හැකියි.