සත්කෝරළයට අවුරුදු අද දවස පුරා දිගන්නෑවේදී

සත්කෝරළයට අවුරුදු අද දවස පුරා දිගන්නෑවේදී

by Staff writer 16-04-2019 | 8:39 AM
COLOMBO (News 1st) : සත්කෝරළයට අවුරුදු - නිව්ස් ෆස්ට් අවුරුදු උදානය අද දවස පුරා කුරුණෑගල , කොටවෙහෙර, දිගන්නෑව ශ්‍රී දේවමිත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. නිවුස් ෆස්ට් හා දිගැන්නෑව තරුණ එකමුතුව එක්ව සංවිධානය කරන සත්කෝරළයට අවුරුදු උදෑසන 7ට ආරම්භ වූයේ, දිවයිනටම විවෘත පාපැදි සවාරියේ සමාරම්භයත් සමගිනි. මෙවර අවුරුදු උත්සවය සඳහා තරග 30 අධික සංඛ්‍යාවක් එක්කර තිබෙන අතර කොට්ටා පොර ,ග්‍රීස් ගහේ නැගීම, කනා මුට් බිඳීම, රබන් ගැසීමේ තරග, වොලිබෝල් තරග, ජන ගී ජන, ගායනා තරග ඇතුළු තරග රැසක් ඊට ඇතුළත් ය. කුඩා දරුවන් වෙනුවෙන් ද මෙවර අවුරුදු උළෙලේ තරග රැසක් සංවිධාන කර ඇති අතර කිඩ්ස් ෆස්ට් දුපුතුන් සමග විනෝද වීමේ අවස්ථාව ද ඔවුන්ට හිමි වේ. නිව්ස් ෆස්ට් අවුරුදු උදානයට පැමිණෙන්නන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ඉදිවු කැවිළි ගමේ කැවිළි රසවිඳීමේ අවස්ථාවද උදාකරදී තිබේ. අවුරුදු කුමරා සහ කුමරිය තේරීම මෙවරත් නිව්ස් ෆස්ට් අවුරුදු උදානයේදී සිදුකෙරෙන අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට වටිනා ත්‍යාග රැසක් පිරිනැමීමට ද නියමිත වේ. බක්මහ උළෙල අවසානයේ ගැලැක්සීස් සංගීතයෙන් රසවත් කෙරෙන දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්වෙන අතර ලහිරු පෙරේරා, රුක්මන් අසිත , ප්‍රදීප් රංගන  ඇතුළු දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ඊට එක්වීමට නියමිතයි. මේ අතර නිවුස් ෆස්ට් අවුරුදු උදානයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරග අද පස්වරු 5 සිට සිදුකෙරෙන අතර එය පැවැත්වෙන්නේ විවෘත තරගයක් ලෙසයි.