ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් ලාංකිකයින් මුදා හැරේ

ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් ලාංකිකයින් මුදා හැරේ

by Staff writer 16-04-2019 | 1:18 PM
COLOMBO (News 1st) : පසුගිය දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 04 දෙනා මුදාහැර තිබේ. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ලූටන් ගුවන් තොටුපොළේදී පසුගිය සිකුරාදා මෙට්රොපොලිටන් පොලීසිය විසින් ලාංකිකයින් 4 දෙනෙකු අත්ඩංගුවට ගනු ලැබුවේ, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව යටතේයි. දෙමළ ජාතිකයින් වන මොවුන් බ්‍රිතාන්‍යයේ රැකවරණය පැතීමට පැමිණි බව පැවසෙයි. නමුත් අද දින ඔවුන් මුදාහැරියේ කිසිදු චෝදනාවක් ගොනු කිරීමකින් තොරවයි. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ඔවුන් පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරනු ඇති.