නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

රු. ලක්ෂ 41කට අධික දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 16-04-2019 | 4:08 PM
COLOMBO (News 1st) - නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක සහ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඊයේ ඩුබායි සිට දිවයිනට පැමිණ ඇති බව ය. දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 4169,000ක් වේ. සැකකරුවන් 28 සහ 25 හැවිරිදි ව්‍යාපාරිකයින් වන අතර ඔවුන් වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බව ගුවන්තොටුපොළ පොලීසිය ප්‍රකාශ කළේ ය.