බීමත් රියැදුරන් 329ක් අත්අඩංගුවට

පැය 24ක් පුරා සිදු කළ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 329ක් අත්අඩංගුවට

by Staff writer 16-04-2019 | 3:36 PM
COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකිනි. එහිදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 5519 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. පසුගිය 11 වන දා උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 1270කි. එම කාල සීමාව තුළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 34,980 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය.