ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ප්‍රබල අකුණු සහිත වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ප්‍රබල අකුණු සහිත වැසි

by Staff writer 16-04-2019 | 6:41 AM
COLOMBO (News 1st) : ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 18 වනදා දක්වා සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්වල ත් ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට සුළඟේ වේගය ද ඉහළ යා හැකියි. මේ අතර ඉදිරි දිනවලදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. අද සිට ලබන 18 වැනිදා දක්වා , උතුරුමැද පළාත සහ මන්නාරම , වව්නියාව , මුලතිව් , ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්වල බොහෝ ස්ථානවලට දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකියි.