by Staff writer 16-04-2019 | 8:53 PM
COLOMBO (News 1st) - අපේ රටේ මිනිස්සු කෘතගුණ සලකන, අන්‍යෝන්ට උදව් උපකාර කරන ජාතියක් යැයි කෙතරම් උදම් ඇනුවත් එය සැබැවින්ම සත්‍යයක් ද යන්න අද ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.
ජීවිතයත් මරණයත් අතර සටන් වැදි තරුණයෙකුට දිවි බේරා ගැනීමට උදව් උපකාර නොකරන තත්ත්වයකට පවා ශ්‍රී ලාංකිකයින් පත්ව තිබීම අභාග්‍යට කරුණක්.
ඊට ආසන්නතම උදාහරණය අද ත්‍රිකුණාමලයෙන් වාර්තා වූ සිදුවීමයි.
ප්‍රේම සබඳතාවක් මුල් කර ගෙන 20 හැවිරිදි තරුණයෙකු 21 හැවිරිදි තවත් තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් අද වාර්තා වුණා.
අප වාර්තාකරු සඳහන් කළේ, තරුණියගේ හිටපු පෙම්වතා වන 20 හැවිරිදි තරුණයා, මිය ගිය 21 හැවිරිදි තරුණයාව යතුරු පැදියක නංවා ත්‍රිකුණාමලය තටාංගන මාර්ගයට රැගෙන ගොස් ඔහුගේ ගෙල කපා ඇති බව යි.
සිද්ධියෙන් තුවාල ලැබූ 21 හැවිරිදි තරුණයා සිය දිවි බේරා ගැනීමට උදව් ඉල්ලා මහ මග දිව ගියත් කිසිදු පුද්ගලයෙකු ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් වී තිබුණේ නැහැ.
අවසානයේ ඔහු උදව් ඉල්ලා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර දෙසට ගමන් කරත් කඳවුර ඉදිරිපිට වැටී තිබෙනවා.
පසුව ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ තරුණයා මිය ගිය බව අප වාර්තාකරු සඳහන් කළා.
මෙම තරුණයා සිය දිවි බේරා ගැනීම සඳහා උදව් ඉල්ලා මහ මග දිව ගිය මොහොතේ කවුරුන් හෝ ඔහුට පිහිට වූවා නම් තවමත් ඔහු ජීවත් වනු ඇති.
අදාළ තරුණයාට අකාලයේ මෙලෙස දිවියෙන් සමුගැනීමට සිදු වූයේ අපේම මිනිසුන්ගේ වරදින් නොවේ ද?