ගෝඨාභයට එරෙහි US නඩුව ප්‍රසිද්ධ කෙරේ

ගෝඨාභයට එරෙහිව ගොනු කර ඇති අමෙරිකාවේ නඩුව ප්‍රසිද්ධ කෙරේ

by Staff writer 16-04-2019 | 9:44 PM
(News 1st) - ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කළ සිවිල් නඩුව අමෙරිකාවේ ෆෙඩරල් විනිසුරුවරයෙකු ප්‍රසිද්ධ කර ඇතැයි මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන යුක්තිය සහ වගවීමේ මධ්‍යස්ථානය උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත් වෙබ් අඩවිය අද වාර්තා කළේ ය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය අප්‍රේල් 4 වන දා මෙම නඩුව ගොනු කර තිබේ. යුක්තිය සහ වගවීමේ මධ්‍යස්ථානය පවසන්නේ, මෙම ඝාතනය සම්බන්ධ විමර්ශනවල තවමත් ප්‍රගතියක් දක්නට නොමැති බව ය.