'ගාලු කුමාරි' ගාල්ලේදී පීලිපනී

'ගාලු කුමාරි' ගාල්ලේදී පීලිපනී

by Staff writer 16-04-2019 | 10:06 AM
COLOMBO (News 1st)  : බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද පෙරවරු 7.30 ට පමණ දුම්රිය පීලිපැනීමට ලක්වූ බවයි. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. මේ අතර අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වු දුම්රියක් නුගේගොඩ සහ නාරාහේන්පිට අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය.