කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 16-04-2019 | 7:56 AM
COLOMBO (News 1st) : කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.  පාලක මැදිරිය පැවසුවේ, අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවානය වූ දුම්රියක් නුගේගොඩ සහ නාරාහේන්පිට අතරදී පිලිපැනීමට ලක්වීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි. අද පෙරවරු 7.30 ට පමණ සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ගමන් නුගේගොඩ දක්වා සීමා කර තිබේ. දුම්රිය පීලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ ක‍ළේ ය.