අධිවේගයේ අතිරේක පිටවීමේ දොරටු විවෘත කෙරේ

අධිවේගයේ අතිරේක පිටවීමේ දොරටු විවෘත කෙරේ

අධිවේගයේ අතිරේක පිටවීමේ දොරටු විවෘත කෙරේ

කර්තෘ Staff writer

16 Apr, 2019 | 7:10 am

COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ හඳුනාගත් ස්ථානවල අතිරේක පිටවීමේ දොරටු විවෘත කිරිමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ , ඇතිවිය හැකි වාහන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

මීට අමතරව පාරිභෝගික ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක කාර්ය මණ්ඩල අනියුක්ත කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එස්. ඕපනායක මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු ආශ්‍රීතව තදබදයක් පවතින්නේ ද යන්න දැනුම්වත් වීමෙන් පසු අධිවේගී මාර්ගවලට ඇතුළු වීමට රියැදුරන් කටයුතු කිරිම වඩාත් සුදුසු බවයි.

ඒ සඳහා 1969 ක්ෂණික දුරකථනය අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි ය.

අධ්‍යක්ෂවරයා පැවසුවේ , හෙට සිට ගම්බිම් බලා ගිය ජනතාව නැවත කොළඹ පැමිණීම හමුවේ, කඩවත පිටවීමේ දොරටු ආශ්‍රිතව යම් අවහිරතා ඇති වියහැකි බවයි.

පසුගිය 10 වනදා සිට 13 වනදා තෙක් අධිවේගී මාර්ගයේ දෛනිකව වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ධාවනය වී ඇතැයි ද , එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]