News 1st අවුරුදු උදානය දිගන්නෑවේදී ඇරඹීමට සියල්ල සූදානම්...

by Staff writer 15-04-2019 | 9:47 PM

COLOMBO (News 1st) - සත්කෝරළයට අවුරුදු - නිව්ස්ෆස්ට් අවුරුදු උදානය හෙට කුරුණෑගල, කොටවෙහෙර, දිගන්නෑව ශ්‍රී දේවමිත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර සිටි.

නිව්ස්ෆස්ට් හා දිගැන්නෑව තරුණ එකමුතුව එක්ව සංවිධානය කරන සත්කෝරළයට අවුරුදු ආරම්භ වන්නේ, උදෑසන 7.00 ට දිවයිනටම විවෘත පාපැදි සවාරියේ සමාරම්භයත් සමගයි. මෙවර අවුරුදු උත්සවය සඳහා තරග 30 අධික සංඛයාවක් එක්කර තිබෙන අතර කොට්ටාපොර, ග්‍රීස් ගහේ නැගීම, කනා මුට් බිඳීම, රබන් ගැසීමේ තරග, වොලිබෝල් තරග, ජන ගී ජන ගායනා තරග ඇතුළු තරග රැසක් ඊට ඇතුළත් ය. කුඩා දරුවන් වෙනුවෙන් ද මෙවර අවුරුදු උළෙලේ තරග රැසක් සංවිධාන කර ඇති අතර කිඩ්ස්ෆස්ට් දුපුතුන් සමග විනෝදවීමේ අවස්ථාව ද ඔවුනට හිමියි. නිව්ස්ෆස්ට් අවුරුදු උදානයට පැමිණෙන්නන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ඉඳිවූ ගමේ කැවිලි රසවිඳීමේ අවස්ථාව ද උදාකරදී තිබේ. අවුරුදු කුමරා සහ කුමරිය තේරීම මෙවරත් නිව්ස්ෆස්ට් අවුරුදු උදානයේදී සිදු කෙරෙන අතර ජයග්‍රහකයින්ට වටිනා ත්‍යාග රැසක් හිමිවනු ඇත. බක්මහ උළෙල අවසානයේ ග්ලැක්සීස් සංගීතයෙන් රසවත් කෙරෙන දැවැන්ත සංගීත ප්‍රසංගයක් ද පැවැත්වෙන අතර ලහිරු පෙරේරා, රුක්මන් අසිත, ප්‍රදීප් රංගන, රුනී ඇතුළු දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ඊට එක්වීමට නියමිතයි. මේ අතර නිව්ස්ෆස්ට් අවුරුදු උදානයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරග හෙට පස්වරු 5.00 සිට සිදු කෙරෙන අතර එය පැවැත්වෙන්නේ විවෘත තරගයක් ලෙසයි.