IS ත්‍රස්තවාදීන්ගේ නව සැලැස්මක් ගැන හෙළිදරව්වක්

IS ත්‍රස්තවාදීන්ගේ නව සැලැස්මක් ගැන හෙළිදරව්වක්

by Staff writer 15-04-2019 | 7:49 AM
COLOMBO (News 1st) : IS ත්‍රස්තවාදීන් යුරෝපය සහ මැදපෙරදිග කලාපය පුරා මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව නවතම වාර්තාවක් හෙළි කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2015 නොවැම්බර් මාසයේදී පුද්ගලයන් 130 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ප්‍රහාර මාලාවට සමාන ලෙසින් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට IS ත්‍රස්ත නායකයන් පියවර ගෙන ඇති බවයි . සිරියාවේ IS ත්‍රස්ත කඳවුරක සිටි ත්‍රස්ත්‍ර කණ්ඩයමකගෙන් ගිලිහුණු මෘදුකාංගයක් තුළ තිබී මෙම තොරතුරු හමුවූ බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. ජාත්‍යන්තර සෙබල කණ්ඩායම් ඇතුළු සිරියානු හමුදාව , සිරියාවේ IS ත්‍රස්ත මූලස්ථානය විනාශ කළ පසු එම ත්‍රස්ත කණ්ඩායම ජාත්‍යන්තර ජාල ඔස්සේ සිට සාමාජිකයන් යුරෝපයට යවා තමන්ට අවශ්‍ය ආධාර ලබාගැනීම , බැංකු කොල්ලකෑම , පරිගණක වෙත අනවසරයෙන් ඇතුළුවීම සහ පුද්ගල ඝාතන සිදුකිරීමේ සැලසුම් ද එහි ඇතුළත් වු බව සඳහන් ය. එම වාර්තාවට අනුව මෙම මෙහෙයවීම මෙහෙයවීමට නියමිත වන්නේ අබු කබාබ් අල් මුහාජීර් නැමති අයි ත්‍රස්ත සාමාජිකයෙක් වන අතර ඔහු රුසියාව සහ ජර්මනියේ පිහිටි ත්‍රස්ත ජාල දෙකක් පාලනය කරන බව ද සඳහන් වේ . මෙම වාර්තාවට අනුව ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ සිය ප්‍රහාර සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට සොරකමෙහි නිරතවීමයි . සිය ප්‍රහාර සඳහා ඉලක්ක සැලසම්සහගතව තෝරාගන්නා බවත් ඒ වෙනුවෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් IS ත්‍රස්තවාදීන්ගේ මෙම සැලසුම් හෙළිකළ බ්‍රිතාන්‍ය පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළේ ය.