හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 15-04-2019 | 1:41 PM
COLOMBO (News 1st) : හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ අද පස්වරුවේද දිවයිනේ පළාත් කිහිපයකට තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. උතුරු මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම , වවුනියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලටත් අද දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.