by Staff writer 15-04-2019 | 11:17 AM
COLOMBO (News 1st): හුංගම සමාධිගම ප්‍රදේශයේ ඊයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
මෙම ගැටුම හටගෙන තිබුණේ, ඊයේ රාත්‍රි 11ට පමණයි
පොලීසිය පැවසුවේ කලක පටන් පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.
ගැටුමෙන් මියගොස් ඇත්තේ බැමිණියන්ගල ඇලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි එක්දරු පියෙකි.
තුවාල ලැබූ දෙදෙනා හම්බන්තොට අම්බලන්තොට රෝහල්වල ප්‍රතිකාර ලබති.
පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.