හදිසි අනතුරුවලට ලක් වූ 410 දෙනෙකු ජාතික රෝහලට

හදිසි අනතුරුවලට ලක් වූ 410 දෙනෙකු ජාතික රෝහලට

by Staff writer 15-04-2019 | 6:43 AM
COLOMBO (News 1st) : ගතවූ දින දෙක තුළදී හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 410 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ, ඔවුන් අතරින් 203 දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. මාර්ග අනතුරුවලින් 13 දෙනෙකු, නිවසේදී සිදුවු විවිධ අනතුරු හේතුවෙන් 49 දෙනෙකු සහ හිංසන ක්‍රියා හේතුවෙන් 36 දෙනෙකුද ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, ගිනිකෙළි අනතුරු හේතුවෙන් ද පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි. පසුගිය වසරට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල්ගතවූ පුද්ගලයින් සංඛ්‍යාව 8% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. එහි පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවේ අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් සියලු ජනතාවට විශේෂ වගකීමක් පවතින බවයි.