by Staff writer 15-04-2019 | 10:07 AM
COLOMBO (News 1st) : ගෝනගංආර, 17 කණුව ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් බුත්තල පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු එලෙස තුවාල ලබා ඇති බවයි.
තුවාලකරු බුත්තල රෝහලට ඇතුළත් කර, වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනාරාගල සිරිගල රෝහල වෙත මාරුකර යවා තිබේ.
පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.