පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 170 ක් අත්අඩංගුවට

පැය 24 ක මෙහෙයුමකින් බීමත් රියැදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 15-04-2019 | 4:53 PM

COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීයි. එහිදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 3036 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව පොලීසිය සඳහන් කළේ ය. පසුගිය 11 වැනි දා උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 941 කි. පොලීසිය පැවසුවේ, එම කාලසීමාව තුළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 29,461 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවයි.