by Staff writer 15-04-2019 | 8:10 PM
COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් කන්තලේ ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනුණේ කන්තලේ වැවේ දිය නෑමට ගිය කාන්තාවන් පිරිසකට අතවර කිරීමට තැත් කිරීම හා එහි සිටි තව ත් පුද්ගලයින් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
කන්තලේ පොලීසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකුගේ දරුවන් ඇතුළු ඥාතීන් පිරිසක් ඊයේ සවස කන්තලේ වැවේ දිය නෑමට ගොස් තිබුණි.
මේ අතරතුර තව ත් පිරිසක් සමග පැමිණි කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී නිශ්ශංක ජයලත් කොදාගොඩ මහතා අදාළ බීමත් පිරිස සමග එක්වී එහි සිටි තරුණයින්ට පහරදී තරුණියකට අතවර කිරීමට තැත්දරා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
පහරකෑමෙන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු ද වේ.
තුවාල ලැබූ එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණමලය මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ඇතුළු දෙදෙනෙකු අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරිණි.