by Staff writer 14-04-2019 | 10:21 PM
COLOMBO (News 1st ) : කිලෝග්‍රෑම් 100කට අධික හෙරොයින් තොගයක් සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙකු ඉන්දීය මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 500ක් ඉක්මවන බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
ඉන්දීය ආරක්ෂක අංශ තමන් පසුපස එන බව දැනගත් ඉරාන ජාතිකයින් සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් තමන් ගමන් කරමින් තිබු යාත්‍රාවට ගිනි තැබීමට පියවර ගෙන තිබේ.
වහා ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා යාත්‍රාව තුල තිබුණු හෙරොයින් කිලෝග්‍රෑම් 100ක ප්‍රමාණයක් හා ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ගිනි ගැනීම හේතුවෙන් හෙරොයින් තොගය රැගෙන ආ යාත්‍රාව මුහුදුබත්ව තිබෙනවා.
මේ අතර, පසුගිය 24 වැනිදා හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබු කුඩා ප්‍රමාණයේ ඉරාන යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙකු දකුණු මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට ද ගැනිණ.
එහි තිබී ආරක්ෂක අංශ භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝගැරැම් 107යි ග්‍රෑම් 22කි.
අත්අඩංගුවට ගත් එම ඉරාන ජාතිකයින් 9 දෙනා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.