සාලියපුරදී දුම්රියක් පීලි පනී

සාලියපුරදී දුම්රියක් පීලි පනී

by Sagarika Chathumali 14-04-2019 | 2:59 PM
COLOMBO (News 1st) : උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර සහ පරසන්ගස්වැව අතරදී අද පස්වරුවේ දුම්රියක් පීලි පැන තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කන්කසන්තුරේ සිට බෙලිඅත්ත බලා ධාවනය වු ශීඝ්‍රග්‍රාමී දුම්රිය එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. මේ හේතුවෙන් අනුරාධපුරයේ සිට යාපනය දක්වා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසයි. පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි.