by Staff writer 14-04-2019 | 5:52 PM
COLOMBO (News 1st) : ලොවපුරා Facebook, WhatsApp සහ Instagram වෙබ් අඩවි බිඳ වැටී තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ යුරෝපා රටවල්, අමෙරිකාව මෙන්ම ආසියා රටවලින් ඊට අදාළව පැමිණිලි ලැබී ඇති බවයි.
තාක්ෂණික දෝෂයක් ඊට හේතුවී ඇතැයි බිඳ වැටීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් Facebook සමාගම සඳහන් කළේ ය.
WhatsApp සහ Instagram වෙබ් අඩවි ඒ සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් කර නැහැ.
පසුගිය මාර්තු 14 වැනි දා ද Facebook අතුළු සමාජ ජාලා වෙබ් අඩවි රැසක ක්‍රියාකාරීතව බිඳ වැටුණු අතර එය සැලකෙන්නේ වසර 15 ක Facebook ඉතිහාසයේ දරුණුතම බිඳවැටීම ලෙසයි.