බීමත් රියැදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට

බීමත් රියැදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 14-04-2019 | 3:47 PM
COLOMBO (News 1st): අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ දීපව්‍යාප්ත මෙහෙයුමකින් බීමත් රියැදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම කාලය තුළ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 6651 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි. පසුගිය 11 වන දා පෙරවරු 6 සිට අද උදෑසන 6 දක්වා දින තුන තුළ සිදුකළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 771 දෙනෙකු සහ රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 26425 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.