දිස්ත්‍රික්ක රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි...

by Staff writer 14-04-2019 | 9:02 AM

COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට අද මිලිමීටර් 50 ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි. මේ අතර කුමුලමුනෙයි, කොකාවිල් සහ මුලතිව් ප්‍රදේශවලට අද සුර්යයා මුදුන් වනු ඇති. මේ අතර උතුරුමැද, වයඹ පළාත සහ හම්බන්තොට, මොණරාගල, ගම්පහ, මන්නාරම, වවුනියාව, මුලතිව් යන දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට අද දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.