ඖෂධ වර්ග 27 ක මිල පහළට

ඖෂධ වර්ග 27 ක මිල පහළට

by Staff writer 14-04-2019 | 11:17 AM

COLOMBO (News 1st) - ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අනුව එම ඖෂධ වර්ගවල වෙළෙඳපොල මිල ගණන් විශ්ලේෂණය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව එම මිල ගණන් විශ්ලේෂණය කර ඇති බවයි. පිළිකා නාශක ඖෂධ වර්ග ද මෙම ඖෂධ වර්ග 27 අන්තර්ගත වේ. මේ වනවිට මිල නියාමනය කර ඇති ඖෂධ වර්ග සංඛ්‍යාව 73 කි. ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය කඩිනමින් ප්‍රකාශයට පත් කරන අතර ඉන් පසු පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රුපියල් මිලියන 40 ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.