අද ත් විශේෂ දුම්රිය සේවාවක්...

අද ත් විශේෂ දුම්රිය සේවාවක්...

by Staff writer 14-04-2019 | 8:04 AM

COLOMBO (News 1st) - විශේෂ දුම්රිය කිහිපයක් අද දිනයේත් ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පාලක මැදිරිය සඳහන් කළේ, අද පෙරවරු 7.40 ට මරදාන සිට කළුතර බලා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන බවයි. පෙරවරු 10.45 මරදාන සිට කළුතරට තව ත් දුම්රියක් ධාවනය කෙරෙන අතර කළුතර - වේයන්ගොඩ, වේයන්ගොඩ - කොටුව අතර ද විශේෂ දුම්රියන් ධාවනයට එක් කර තිබේ. මීට අමතරව සාමාන්‍ය දුම්රිය ගමන්වාර කිහිපයක් ද ධාවනය කෙරෙන බව පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ අතර අද දිනයේ අවශ්‍යතාව පරිදි ගමනාගමන කටයුතු සඳහා බස් රථ යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.