ලාංකිය කතකට ඩුබායි අධිකරණයෙන් මාස 6 ක සිරදඬුවම්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයෙන් මාස 6 ක සිරදඬුවම්

by Staff writer 13-04-2019 | 11:15 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයක් මගින් මාස 6 ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ, සේවය කළ නිවසේ ස්වාමියාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිනි තබන ලද සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙනි. සිරදඬුවම්දීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇතැයි ඩුබායි මාධ්‍ය අනාවරණ කළේ ය. නඩු විභාගයේදී එම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.