වසර 10 කට පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයට ?

වසර 10 කට පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයට ?

by Staff writer 13-04-2019 | 9:57 AM

COLOMBO (News 1st) - පාකිස්ථානයේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ලබන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතවේ. ඒ අනුව අදාළ තරගාවලිය කරච්චිහිදී සහ ලාහෝර්හිදී පැවැත්වීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. දෙරටේ ක්‍රිකට් ආයතන එකඟතාවයකට එළඹෙන්නේ නම් අදාළ තරගාවලිය පාකිස්ථානයේදී පැවැත්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ද විරුද්ධත්වයක් නොමැති බව සඳහන් විය. අවසන් වරට පාකිස්ථානයේ දී ටෙස්ට් තරගාවලියක් පවත්වා ඇත්තේ ද ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ ද අදාළ තරගාවලියේ දී ය.