ලන්ඩනයේදී ලාංකිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

ලන්ඩන්, ලූටන් ගුවන් තොටුපොළේදී ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 13-04-2019 | 10:33 AM

COLOMBO (News 1st) - ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපොළේදී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු එරට ත්‍රස්ත මර්දන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බීබීසී ලෝක සේවය සඳහන් කළේ, තහනම් සංවිධානයක සාමාජිකයින්වීමේ සැකය මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 10 වැනි දා ඔවුන් ලූටන් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. ඊට පසුදින අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් සිව්දෙනා මේ වන විට බෙඩ්ෆෝඩ්ෂෙයර් පොලීසියේ රඳවා සිටි. 2000 වසරේ ත්‍රස්ත පනතට අනුව අදාළ සංවිධානය තහනම් වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරයි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණ කළේ, දැනට බෙඩ්ෆෝඩ්ෂෙයර් පොලීසිය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව ය.