රඹාවැවදී සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු මරුට

රඹාවැවදී සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු මරුට

by Staff writer 13-04-2019 | 4:13 PM
COLOMBO (News 1st) - වාරියපොළ - හලාවත මාර්ගයේ රඹාවැව ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් පදිකයෙකුගේ ගැටී ඇති බව ය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ, 61 හැවිරිදි කනත්තේවැව පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.