කායන්කර්නි, සමුද්‍රීය අභය භූමියක් ලෙස නම් කෙරේ

මඩකලපුව, කායන්කර්නි ප්‍රදේශය සමුද්‍රීය අභය භූමියක් ලෙස නම් කෙරේ

by Staff writer 13-04-2019 | 7:52 AM

COLOMBO (News 1st) - මඩකලපුව, කායන්කර්නි සමුද්‍රාසන්න ප්‍රදේශය සමුද්‍රීය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ය. වනජීවි සහ සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. හෙක්ටයාර් 953 කින් සමන්විත කායන්කර්නි සමුද්‍රීය අභය භූමිය මෙරට සමුද්‍රීය පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ප්‍රකාශයට පත් කෙරුණි.